16 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (04) ලන්ඩන් නුවරදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට ක්‍රීඩිකාවන් දෙදෙනකු සහ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගි වූහ.
එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පිරිමි මැරතන් ධාවන ඉසව්වට එක් වන අතර ආසියානු රන් පදක්කම්ලාභී නිමාලි ලියනාරච්චි මීටර් 800 ධාවන ඉසව්වටත් වරුණ ලක්ෂාන් හෙල්ල විසිකිරීම ඉසව්වට සහභාගි වීමට නියමිතය.
නිමාලි සහ වරුණ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට එක්වන පළමු අවස්ථාවද මෙය වේ.
අමෙරිකාවේ වෙසෙන හිරුණි විජේරත්න මැරතන් ඉසව්වට සහභාගි වන අතර ඇයද ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකට එක් වන්නේ පළමු වරටය.
4










