උමා ඔයේ විනාශයට හේතුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමයි…
නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පරිසර බලපෑම් අධ්‍යයනයකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හේතුවෙන් එහි ප්‍රධාන උමගෙහි ජලය කාන්දුවීම සහ අදාළ ප්‍රදේශයේ භුගත ජලය සිදීයාම සිදුවී ඇති බව නොර්වේජියානු විශේෂඥ බෙන්ට් ඇගර්ට් මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
උමගේ කැනීම් කටයුතුවලදී ඒ වටා ඇති බිත්තිවල විශේෂ සිමෙන්ති ආලේපකර ජලය කාන්දුවීම වැලැක්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවද මෙතෙක් සිදු කර ඇති කැනීම්වලදී භාවිතා කර ඇත්තේ දුර්වල සිමෙන්ති වර්ගයක් බවද ඔහු සිය වාර්තාවේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.
වක්‍රාකාරව සිමෙන්ති ආලේප කළ හැකි යන්ත්‍ර භාවිත නොකර උමගේ ඉතිරි කිලෝමීටර් හතර හමාරේ කැනීම් කටයුතු සිදු කිරීම නුසුදුසු බවත් වාර්තාවේ නිර්දේශවල ඇතුළත් බව පැවසේ.
කැනීම් කටයුතු, ජනාවාස සහිත ප්‍රදේශවලට යටින් සිදුවන බැවින් දුර්වල සිමෙන්ති වර්ග භාවිතා නොකළ යුතු බවත් ඔවුන් සිය නිර්දේශවල සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කර ඇත.
මෙහි නිසි නිසි ශක්‍යතා අධ්‍යයනයක් සහ පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කර නැති බවත් එවකට පැවති පාලනය නිලධාරීන්ට බලපෑම් කර මෙහි අසත්‍ය තොරතුරු ඇතුළත් කර ශක්‍යතා අධ්‍යයනයක් සහ පරිසර බලපෑම් අධ්‍යයනයක් සිදු කළ බවත් කරුණ දක්වමින් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ පරිසර වේදීන් උමා ඔය ව්‍යාපෘතිය ආරම්ශයේ සිටම විරෝධතා දැක්වුවද පැවති රාජපක්ෂ පාලනය හෝ වත්මන් රනිල් – මෛත්‍රී පාලනය ඊට ඇහුන්කන් දුන්නේ නැත.
එසේ ඇහුන්කන් නොදෙමින් ව්‍යාපෘතිය දිගටම සිදුකරගෙන යාමේ ප්‍රතිපලයක් ලෙස අද වනවිට දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින අතර ජෛව විවිධත්වය අතින් පවා අනූන විශාල පරිසර පද්ධතියක් රටට අහිමි වෙමින් පවතියි.










