ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයිදවාර්තාවේ.

ඔහු අද (30) පස්වරුවේ තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයිද වාර්තා වේ.

2015 ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු 2015 ජනවාරි මස 09 වන දින පී.බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබිණි.

Facebook
Twitter
LinkedIn