රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ තවත් විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර තිබේ.
අදාළ නඩුව අද (30) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම තහනම් නියෝගය නිකුත් කර ඇත.
2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ.
ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.
ඔහුට නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍රම උපයෝගීකර ගනිමින් රටින් රටට සංචාරය කරන බවට තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත.
ඒ අනුව එම විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිට ඇති අතර එ් ගැන සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
වත්මන් ආණ්ඩුවේ මැතිඇමතිවරු සහ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගත වූ අවස්ථා කිහිපයකදීම උදයංග වීරතුංග මහතා විවිධ රටවල සංචාරය කරමින් ඔවුන් සමග සමූහ ජායාරූපවලටද පෙනී සිටින ලදී.
කෙසේ නමුත් මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විදේශකටයුතු අමාත්‍යාංශයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙකදී ඉට පිළිතුරු දුන් විදේශකටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කර සිටියේ උදයංග වීරතුංග මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇති බව ය.










