ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානය විසින් සූදානම් කළ “රාජ්‍ය සේවය කා සඳහා ද…?” සම්මන්ත්‍රණය ඊයේ (29) බදුල්ල තැපැල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානය නියෝජනය කරමින් හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී.ඒ ගුණසේකර මහතා, සීමානීර්න කොමිසමේ හිටපු සභාපති අසෝක පීරිස් මහතා සහ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශුසම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් තිස්ස වර්ණසූරිය මහතා කථිකයින් ලෙස සහභාගීවිය.
ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා, ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රීක් සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කලමණාකරන පීඨයේ හිටපු පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක මහතා, ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රීක් ලේකම් ප්‍රවීන සංයුත්ත ගණිත දේශක, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද එම අවස්තාවට එක්වී සිටියහ.

























