ලක්ෂ්මන් වසන්තට කිරිගවයන් දුන්නා – හැරිසන්ට කටඋත්තර නැතිවෙයි

ලක්ෂ්මන් වසන්තට කිරිගවයන් දුන්නා – හැරිසන්ට කටඋත්තර නැතිවෙයි

කිරි ගොවියන් හට සහන මිලට බෙදාදීමට ගෙනා කිරි ගවයන් දේශපාලනඥයින්ට සහ දේශපාලන හිතවතුන්ට බෙදාදුන් බවට ඊයේ (28) පැවති මාධ්‍ය හමුවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පිළිගෙන තිබේ.

එම කිරිගවයන් බෙදාදීම සඳහා 2017.03.31 දන පුවත්පත් දැන්වීමක් පල කළ බවත් එසේ සිදු කළේ විනිවිධ භාවයකින් යුතුව කටයුතු කිරීමට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් ප්‍රශ්න නැගූ මාධ්‍යවේදියෙකු විමසා සිටියේ පුවත්පත් දැන්වීම පල කරන විටත් එම කිරිගවයන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු දේශපාලන හිතවතුන් වෙත බෙදා දී ඇති බවයි.

පී. හැරිසන් අමාත්‍යවරයාට මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ උත්තර දීමට නොහැකිවන තත්වයක් උද්ගත විය.

Facebook
Twitter
LinkedIn