විද්‍යා ඝාතන නඩුව අද (28) – සැකකරුවෝ උසාවියට ගෙන එති

විද්‍යා ඝාතන නඩුව අද (28) – සැකකරුවෝ උසාවියට ගෙන එති

යාපනය කයිට්ස් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය කාමාතුරයින් විසින් සමූහ දූෂණයකට ලක් කර ඉතා කුරිරු ලෙස ඝාතනය සිදු කළ සිද්ධියේ අපරාධකරුවන් නව දෙනා අදාළ නඩු විභාගය සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (28) යාපනය මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව විභාගය පැවැත්වේ.

කොළඹින් පිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාවද මෙයයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්