ලක්ෂ 80ක් කොල්ලකාලා

ලක්ෂ 80ක් කොල්ලකාලා

ප‍්‍රධාන පෙළේ නිමි ඇඳුම් ප‍්‍රදර්ශනාගාරයකට අයත් රුපියල් ලක්ෂ 80ට ආසන්න මුදල් වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී අද (26) දහවල්  රාගම කඩවත පාරේදී  පිරිසක් විසින්  එම මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි වාර්තා වේ.

මෙම මුදල් තොගය වෑන් රථයකින් වත්තල සිට කඩවත දක්වා රැගෙන යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් වෑන් රථය දෙසට වෙඩි තබා එය නතර කර එහි තිබු මුදල් කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn