රාජ්‍ය විශ්ව විද්‍යාල දුර්වල කොට උසස් අධ්‍යාපනය පෞද්ගලික වෙළදපොල වෙත විවෘත කර අධ්‍යාපනය පාරිභෝගික භාණ්ඩයක් බවට පත් කිරීමේ වැඩපිළිවල ද්විතීයික හා ප්‍රාථමික අධ්‍යාපන අංශ වෙතද තීව්‍ර කරමින් සිටින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු සහ සයිටම් අර්බුදය සම්බන්දයෙන් විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) මුලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේදී ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල විය.
එම අවස්ථාව සදහා සාධාරණ සමාජයක් උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ඇතුළු සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ.
4
























