සෝමවංශ අමරසිංහ දැයෙන් සමුගෙන අදට වසරයි.

සෝමවංශ අමරසිංහ දැයෙන් සමුගෙන අදට වසරයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන සෝමවංශ අමරසිංහ මහතා දිවියෙන් සමුගෙන අද(15) දිනට වසරක් සපිරේ. මිය යන විට 73 වන වියේ පසුවූ අමරසිංහ මහතා ශ්‍රී ලාංකේය විප්ලවීය දේශපාලනයේ නියමුවෙකි. 1971 අරගලයෙන් පසු රෝහණ විජේවීර මහතා සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට දායක වු අමරසිංහ මහතා මෙරට දේශපාලනයතුල සුවිශේෂී චරිතයක්විය.

1969 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට එක් වූ සෝමවංශ අමරසිංහ 1971 අරගලයෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබ 1977 වසරේ දී  රජය විසින් එවකට පැවති අපරාධ යුක්ති කොමිසම අහෝසි කිරීමත් සමඟ බන්ධනාගාරයෙන් නිදහස් විය.1977 න් පසුව ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැගීමේ කාර්යයට රෝහණ විජේවීර මහතා සමඟ පෙරමුණ ගත් සෝමවංශ අමරසිංහ මහතා 1988-89 වකවානුවේ දරුණු මරධනයෙන් පසු   විදෙස්ගතවු අතර පසුව එම පක්ෂයේ නායකත්වයට පත් විය. 1990 පටන් 2014 තෙක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ඔහු කටයුතු කළේය.

Facebook
Twitter
LinkedIn