වසය අවුරුදු 71ක පුද්ගලයෙකු විසින් ඇමරිකානු ගුවන් සේවයේ සේවකයෙක් පහර දුන් බවට චෝදනා කරමින් ඇමරිකානු ඩොලර් මිලියනයක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා නඩු පවරා ඇති බව වාර්තා වේ. 2015 වසරේ සිදුවී ඇති එම සිදුවීම ආරක්ෂක කැමරාවල සටහන් වී තිබෙන අතර එකී සේවකයා සේවයෙන් ඉවත් කළ බව ගුවන් සේවය සදහන් කරයි.
මින් පෙර අවස්ථා ගණනාවකදී ඇමරිකානු ගුවන් සේවයේ සේවකයන් විසින් මගීන්ට හිරිහැර කළ බවට චෝදනා එල්ල විය. මගියෙකුට පහර දී ගුවන් යානයෙන් පිටතට ඇදගෙන පැමිණෙන වීඩියෝවක්ද පළවු අතර එයින් සමාගමට ඩොලර් මිලියන ගණනක් පාඩුවක් සිදුවී තිබෙන බවද වාර්තා විය.
2009 වසරේදී ඇමරිකානු ගායකයෙකු විසින් ඔහුගේ ගිටාරය කැඩූ බවට ඇමරිකානු ගුවන් සමාගමට චෝදනා කරමින් ගීතයක්ද ගායනා කළේය.
2










