ලංකාවේ පොහොසත්ම 20% රටේ සම්පත් වලින් අඩක් භාවිතා කරනවා – අශෝක පීරිස්

ලංකාවේ පොහොසත්ම 20% රටේ සම්පත් වලින් අඩක් භාවිතා කරනවා – අශෝක පීරිස්

රටේ ආදායමෙන් අඩකට වැඩි ප්‍රමාණයක් පොහොසත්ම 20%ක් පමණ පරිභෝජනය කරන බව ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් මහතා පවසයි. පසුගිය 13වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති “ආණ්ඩුවේ බර දැරිය යුත්තේ ජනතාවද?” සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ආණ්ඩුවේ සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් සැකයක් ඇතත් මේ වනවිට ඉදිරිපත්ව ඇති මහ බැංකු වාර්තා, අයවැය ලේඛණ ආදියේ සංඛ්‍යා ලේඛණ මත කතා කළද රට පත්ව ඇති අර්බුදය තේරුම් ගත හැකි බවය.Image may contain: 1 person, text

මහ බැංකු වාර්තාව පවසන පරිදි ඒක පුද්ගල ආදායම වැඩි වී ඇත්දැයි සැක හැර දැනීමට හැකි වන්නේ වෙළඳ පොළෙන් බඩු ගන්නා විට බවත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ රුපියල් 100කින් කොපමණ බඩු ප්‍රමාණයක් මිලදී ගතහැකිදැයි යන කාරණය මග එය හොඳ හැටි වැටහෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට පොහොසත්ම 20% රටේ සම්පත්වලින් 52.9%ක් බුක්ති විඳිනකොට රටේ දුප්පත්ම 20% බුක්ති විඳිනුයේ 4.5%ක් පමණක් බවත් රටේ පොහොසත්ම 10% රටේ සම්පත්වලින් 38%ක් බුක්ති විඳිනකොට රටේ දුප්පත්ම 10% බුක්ති විඳිනුයේ 1.5%ක් පමණක් බවත් ඒ මහතා මහ බැකු වාර්තා ආශයෙන් පෙන්වා දුන්නේ ය. මෙය ගිනි අනුපාතය ලෙස සලකන බවත් ලෝකයේ ගිනි අනුපාතය හොඳම රට කියුබාව බවත් ඒ මහතා පැවසීය.

වංචා දූෂණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා ඩොප්ලර් යන්ත්‍රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ එම යන්ත්‍රය සඳහා කෝටි 40ක් වැය වූ බව 2011 වසරේ පැවසුවද එයට වැය වී ඇත්තේ රුපියල් කෝටි 20ක් බව ආපදා අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පසුගියදා පැවසීමෙන් එහිද වංචාවක් සිදුව ඇත්දැයි සැකයක් පවතින බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම එම යන්ත්‍රය සවි කිරීම සඳහා සූදානම් වනවිට එහි අත්‍යාවශ්‍ය උපකරණ ප්‍රමාණයක් අතුරුදහන්ව තිබූ බවද පැවසීය.

එමෙන්ම 2016 වසරේ ලංගම ආදායම රුපියල් මිලියන 30 බවත් 2015 වසරේ එහි පාඩුව මිලියන 16ක් බවත් අශෝක පීරිස් මහතා පෙන්වා දුන්නේ යි. ලංගම ආයතනය තුළ සිදුවන මිලදී ගැනීම් ක්‍රමවත් කර නාස්තිය අවම කරන්නේනම් මෙම මිලයන 16යේ පාඩුව පියවා ගතහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම, සාමසර කන්ද නාය යාම, ශාලාව පිපිරීමේ හානි වූ ආදි ලෙස විපතට පත් ජනාවගේ ජන ජීවිත යතා තත්වයට පත් කර ගැනීමට හැකි වන ලෙස වන්දියක් ගෙවීමට හෝ තවමත් සමත් වී නැතැයිද ඒ මහතා පැවසීය.

රටේ උපයෝගී තාවය මත අධිවේගී මාර්ග සැලසුම් කළ යුතු බවත් ආණ්ඩුවේ නාස්තිය, වංචාව, දූෂණය ඇතුළු අනවශ්‍ය වියදම් නිසා ආණ්ඩුවේ බර ජනතාවට දැරීමට සිදුව ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් ජනතාව ගොඩනගාගත් යුතු බවත් අශෝක පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.

Image may contain: 1 personසමාජ සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය අනුර කරුණාතිලක මහතා අදහස් දක්වමින් පැවසූවේ ආණ්ඩුව සහ රාජ්‍යය අතර පැහැදිලි වෙනස්ක් ඇති බවත් එය වටහා ගත් යුතු බවත්ය. රාජ්‍යයේ සුභසාදනය වෙනුවට දැන් ආණ්ඩුවේ සුභසාදනය සඳහා මුදල් වියදම් කරමින් සිටින බව එහිදී ඒ මහතා අවධාරණය කළේය.

ආර්ථික වර්ධන වේගය අතින් ශ්‍රී ලංකාවටත් වඩා පහළින් ඇති රාජ්‍යයන් වැඩි මුදලක් විශේෂයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවත් ගානාව 8.1%කුත් සෙනගාව 6.5%කුත් නේපාලය 4.7% අධ්‍යාපනයට දල දේශීය නිශ්පාදනයෙන් වෙන් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ එක් පවුලක ආදායමෙන් 30%ක් හෝ 40%ක් අධ්‍යාපනය සඳහා පුද්ගලිකව වියදම් කිරීමට සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ පැවති විද්‍යාපීට 24න් වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ 14ක් පමණක් බවත් ඒ මහතා පැවසීය. පුද්ගලික විශ්වවිද්‍යාල 05ක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනාගෙන ඇති බවත් පෙන්වා දුන්නේ ය.

කාලයක් වසර පහෙන් පහට කෙටිකාලීන ලෙස එජාපයට සහ ශ්‍රී ලනිපයට බලය දී ඇති බවත් පසුව දීර්ඝකාලීනව එජාපයට වසර 17කුත් ශ්‍රී ලනිපය ප්‍රමුඛ සන්ධානයට වසර 21කුත් බලය ලබා දී ඇති බවත් මේ වනවිට එම පක්ෂ දෙකම එකතු වී රට පාලනය කරන බවත් පෙන්වා දුන් ආචාර්යවරයා අවධාරණය කර සිටියේ මින් ඉදිරියට රට ගෙන යාමටනම් ඉතා ගැඹුරු සංවාදයක් අවශ්‍යව ඇති බවය.

මෙහිදී අදහස් දැක්වූ වරලත් ගණකාධිකාරී, ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කර සිටියේ බලයට පත්වන ආණ්ඩුවල වගකීම් පැවරෙන ඇමතිවරු ඔවුන්ට ලැබෙන ආයතන තමන්ගේ බූදලයක් ලෙස පාවිච්චි කරන බවත් ඒ නිසා ඒ තුළ වංචා දූෂණ ඉහළ ගොස් ඇති බවත් පැවසීය.

උදාහරණයක් ලෙස මිහින්ලංකා ආයතනය ආරම්භ කිරීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 5000ක් හෝ 6000ක් ඉල්ලා සිටි නමුත් ලංකා බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු ලංකා පුත්‍ර බැංකුව හරහා ලංකා බැංකුවෙන් එම ණය මුදල ලබා ගත් ආකාරයත් එහිදී උහු පෙන්වා දුන්නේය. මේ ආකාරයට රාජ්‍ය ආයතන උපයෝගී කරගනිමින් තම පුද්ගලික පරමාර්තයන් මුදුන් පමුණුවාගන්නා බවත එම රාජ්‍ය ආයතනවලින් ඉටුවිය යුතු පොදු පරමාර්ථයන් පසෙකට තල්ලු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇමතිවරයෙකුට තම නිල බලයෙන්ම යම් සැප සම්පත් ප්‍රමාණයක්, යම් වරප්‍රසාද ප්‍රමාණයක් හිමිවන බවත් එය හිමිවන්නේ මහජන සේවය පහසු කිරීමට වුවද ඇමති වරු එය ප්‍රයෝජනයට ගෙන තම සුඛවිහරණය සකසා ගන්නා බවත් එහිදී ඒ මහතා පැවසීය.

ජනතාව විටින් විට විවිධ ආණ්ඩු පත්කරගන්නා බවත් ඔවුන් පැවති ආකාරයටම එය වඩා වේගවත්ව හෝ මන්දගාමීව ඉදිරියට ගියද ප්‍රශ්නය නිවැරදි තැනින් අල්ලාගැනීමට සමත් වී නැති බවද ඒ මහතා පැවසීය.

ජනතාවගේ ආදායම් තත්වය වැඩිවී ඇතැයි බලයට පත්වන ආණ්ඩු කොතෙක් පැවසුවද සැබෑ ලෙසම ඒක පුද්ගල ආදායම වැඩිවී නැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. විදේශයන්ගෙන් ලබා ගන්නා ණය හේතුවෙන් ආදායම් වැඩිවී ඇතත් දල දේශීය නිශ්පාදනය ඉහළ ගොස් නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

Image may contain: 1 person, textබදුවලින් වක්‍රබදු 80%ක් බවත් මේ සිදුවෙමින් තිබෙන යාන්ත්‍රණය වෙනස් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපාර කළමනාකාර එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සඳහන් කර සිටියේ 2015 වසරේ පමණක් බදු ආදායම රුපියල් බිලියන 560ක් වූ බවය.

මෙරට ආදායම් බදු ගෙන පිරිස 148,000ක් බවත් බදු ලිපි ගොනු 690,000ක් ඇති බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.

අද පාරිභෝගික ජනතාවගේ මිලදීගැනීමේ හැකියාව දුර්වල වී ඇති බවත් විශේෂයෙන් ව්‍යාපාරික කොටස් කරුවන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් මෙරට තිබූ පාවහන් කර්මාන්තය අද වනවිට පවත්වාගෙන යාමට නොහැකි තත්වයටම ඇද වැටී ඇති බවත් සූරිය කුමාර් මහතා අවධාරණය කළේය.

රෙදිපිලි, පාවහන් වැනි සමාගම් දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත් පාරිභෝගිකයා හොයන මිලට සාපේක්ෂව හෝ භාණ්ඩ ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් ඒ මහතා පැවසීය.

ආණ්ඩුව විදේශ රටවල් සමග අත්සන් කරන වෙළෙඳ ගිවිසුම් නිසා දේශිය ව්‍යාපාරිකයා තවත් අර්බුදයට යන බවත් විශේෂයෙන් චීනය සමග අත්සන් කිරීමට යන වෙළෙඳ ගිවිසුම මගින් අවුරුදු 10ක් යනතුරු චීන භාණ්ඩ සඳහා ආනයනික බද්ධ නිදහස් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ මහතා හෙළිදරව් කර සිටියේය.

Image may contain: 1 person, textසෘජු ලෙස සහ වක්‍රලෙස ආණ්ඩුව එකතුකරගන්නා බදුවලින් ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් ලැබි නැතැයිද ලෝකයේ බොහෝ රටවල ජනගහනයට සාපේක්ෂව ඉන්නා ඇමති මණ්ඩලය සමග සසඳන විට ලංකාවේ ඇමති මණ්ඩලය මෙරට ජනගහනයට දාගරනීමට නොහැකි බවද ඒ මහතා පැවසීය.

සමාජ සංවිධාන, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, විශ්වවිදයාල ආචාර්යවරු ඇතුළු විවිධ බලවේග එකට ඒකරාශී වී මෙම සංවාදය සිදු කළ යුතු බවත් එය සමාජගත කිරීම සඳහා මේ සෑම කෙනෙකුටම වෙන වෙනම වගකීමක් ඇති බවත් එහිදී සමාජ සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ සංවිධානයේ කැඳවුම්කරු අශෝක පීරිස් මහතා, සමාජ සමානාත්මතාවය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය අනුර කරුණාතිලක මහතා, ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය, වරලත් ගණකාධිකාරී, ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ව්‍යාපාර කළමනාකාර එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කළාපයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපදේශක, මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂ වෛද්‍ය විශ්‍රාමික නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



Image may contain: 5 people   Image may contain: 18 people, people sitting and indoorImage may contain: one or more people, people sitting, crowd, table and indoor

Facebook
Twitter
LinkedIn