ඌව පළාතේ නව සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉදිරිපත්ව සිටින ගැසල් වෙන්චස් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇතැයිද ඔවුන් ඊයේ (13) රාත්‍රියේදී රාජ්‍ය නිලධාරීන්ට සාදයක් පත්වා ඇතැයිද ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ සඳහන් කරයි.
එහි කැදවුම්කරු ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ මහියංගණයේ හෝටලයකදී එම සමාගමේ නියෝජිතයන් මෙරට නිලධාරීන් සහ දේශපාලකයන් පිරිසකට මෙම සාදය පවත්වා ඇති බවය.
ඌව පළාතේ ඉඩම් අක්කර හැට දෙදහසකට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සදහා උක් වගා කිරීමට ලබාදීමට සැලසුම් කර ඇති බව ඌව වෙල්ලස් ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු චෝදනා කරයි.
එම උත්සාහය පරාජය කිරීම සදහා අඛණ්ඩව සිය අරගලය ඉදිරියට ගෙන යන බවද පළාත් සභා මන්ත්‍රී ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සදහන් කරයි.










