පිළියන්දල වෙඩි තැබීමේ තවත් කුඩු පාතාලයෙක් අත්අඩංගුවට

පිළියන්දල වෙඩි තැබීමේ තවත් කුඩු පාතාලයෙක් අත්අඩංගුවට

පිළියන්දල දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු කැකිරාව බස් නැවතුම්පල අසළ දී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අතර ඔහු  අද (11) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය මිලදී ගෙන ඇත්තේ මෙම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා වන අතර ඔහු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙකු බව පැවසේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල කොල්ලකැම් ගණනාවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව බලපිටිය හා හෝමාගම යන අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බව වාර්තා වේ.

පසුගිය මැයි මස 09 වැනිදා මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කුඩා දරු දැරියන් දෙදෙනෙකු තුවාල ලැබීය.

මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn