නව අමාත්‍යාංශ විෂයන් ගැසට් කෙරේ

නව අමාත්‍යාංශ විෂයන් ගැසට් කෙරේ

පසුගියද සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝදනයට සමගාමීව මුදල් හා ජනමාධ්‍ය, විදේශ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කාර්යභාර යන අමාත්‍යාංශවල විෂයන් ගැසට් කර තිබේ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂයයන් කිහිපයකද වෙනස් කර තිබේ.

ඒ අනුව මහා භාණ්ඩාගාරය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රක්ෂණ මණ්ඩලය ඇතුළු ආයතන 33ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති අතර ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඇතුළු ආයතන 5ක් විදේශ අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මිනුම්පති දෙපාර්තමේන්තුව ගැසට් කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේය.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 3ක් සංවර්ධන කාර්යභාර අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබේ. එහි අමාත්‍ය ධුරය හොබවනු ලබන්නේ තිලක් මාරපන අමාත්‍යවරයා ය.

එමෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට පවරා ඇත. එහි අමාත්‍ය ධුරය හොබවනු ලබන්නේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා ය.

පසුගිය දා සිදු කළ ඇමති මණ්ඩල සංශෝදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත් විදේශ අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  අමාත්‍යවරයා ලෙස ගයන්ත කරුණාතිලක මහතාත් පත් කළේ ය.

Facebook
Twitter
LinkedIn