සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීන රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ ආදරණීය මව වන එච්. කමලාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයනවිට 86 වැනි වියේ පසු වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (11) පස්වරු 3.00ට කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
මේ වනවිට එම දේහය වැල්ලම්පිටිය වෙන්නවත්ත 238/1 පටුමග නිවසේ තැන්පත් කර ඇත.
කලක් රෝගාතුරව සිටි ඇය ප්‍රවීන රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතා ඇතුළු දරුවන් 08දෙනෙකුගේ මාතාවකි.
10











