පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන්ට අයත් තේ අක්කර තිස්දහසකට (30,000) අධික ප්‍රමාණයක් හානි සිදුව ඇතැයි සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඉඩම් ප්‍රමාණයෙන් අක්කර පන්දහසකට (5,000) ආසන්න ප්‍රමාණයකට දැඩි හානි සිදුව ඇතැයිද එම සංගමයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා සඳහන් කරයි.
විනාශයට පත් සමහර ඉඩම් නැවත වගා කිරිමට හෝ නොහැකි තත්වයකට පත්ව තිබෙන බවද බොහෝ තේවගාවන් නැවත යතාතත්වයට පත් කරගැනීමට වසරකට අධික කාලයක් වැය කිරිමට සිදුවන බවත් ඔහු පවසයි.
මෙතරම් හානියක් සිදුව තිබුණද කුඩා තේ වතු හිමියන්ට ලබාදෙන වන්දි පිළිබඳව රජය කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවද ඒ මහතා සඳහන් කරයි.
මීට අමතරව අධික වර්ෂා තත්වය නිසා පලදාව නෙළාගැනීමට පවා නොහැකි තත්වයක් උදා වූ බවත්, මේ නිසා රත්නපුර, කළුතර, මාතර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්වයකට පත්ව සිටින බවද සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.










