දකුණට, බස්නාහිරට ගංවතුර උතුරට නියඟය

දකුණට, බස්නාහිරට ගංවතුර උතුරට නියඟය

මේ දිනව රටේ දකුණ, බස්නාහිර සහ සබරගමුව යන පළාත් ගංවතුර සහ නායයාම්වලින් ආපදාවට ලක්ව ඇති අතර ජීවිත විශාල ප්‍රමාණයක් අවතැන් කරමින් තවත් ජීවිත 200කට අධික ප්‍රමාණයක් බිළිගෙන තිබේ.

රටේ පළාත් කිහිපයක තත්වය එසේ වනවිට උතුරු මැද පළාතටත් විශේෂයෙන් උතුරු පළාටත් දැඩි නියං තත්වයක් උද්ගතව ඇත.

එම නියං තත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පවුල් 33,000කට අයත් පුද්ගලයින් 121,000ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින බවට යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියි.

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයන් වෙතට නියං තත්වය දැඩිව බලපා ඇති බවටත් මේ වනවිට ආපදා කලමනා කරන අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවටත් එ් මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර යාපනය ප්‍රංකුඩතිව් හා මණඩතිව් යන ප්‍රදේශයන්හි ජනතාවට පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීම සඳහා මාර්ග අසල දින ගණන් රැඳී සිටිමට සිදුව ඇති බවටද ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවටද එම වැසියෝ කියති.

උතුරුමැද නියං තත්වය තවමත් බරපතල තත්වයක නොවන බවත් තවදුරටත් වැසි නොවැටුනහොත් ඉදිරියේදී දැඩි නියං තත්වයත් පවතිනු ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn