වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු උත්සාහයක් පරාජයට

වෙනිසියුලාවට එරෙහි ඇමෙරිකානු උත්සාහයක් පරාජයට

ඇමෙරිකානු රාජ්‍ය සංවිධානය විසින් වෙනිසියුලාවට එරෙහිව ගෙනැවිත් තිබූ යෝජනවා  කැරිබියානු රටවල් සමූහයේ මූලිකත්වයෙන් පරාජයට පත් කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු රාජ්‍ය සංවිධානයේ ලේකම්, වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝට එරෙහිව නිරන්තරයෙන් වාග් ප්‍රහාර එල්ල කරමින් වෙනිසියුලාවේ මතුව ඇති අර්බුදයට විදෙස් රටවල මැදිහත්වීමක් මැදිහත්වීමක් අනුමත කරමින් කටයුතු කරන බව පැවසේ. මෙම තත්වය හමුවේ වෙනිසියුලාවේ ආර්ථික තත්වය සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබූ ඇමෙරිකානු රාජ්‍ය සංවිධානයේ රැස්වීමක් අත්හිටුවීමට සිදුව ඇත.

වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට එරෙහිව කලාපයේ දක්ෂිණාංශික පලනයන්ට නතුව තිබෙන මෙක්සිකෝව, බ්‍රසීලය, කොලොම්බියාව, ආර්ජන්ටිනාව සහ පැරගුවේ යන රටවල් මදුරෝට එරෙහිව කටයුතු කරමින් සිටින අතර බොලීවියාව, නිකරගුවාව, ඉක්වදෝරය යනාදී රටවල් මූලිකත්වය ගෙන වෙනිසියුලාවට එරෙහිව ගෙනා ආ යෝජනවා ප්‍රතික්ෂේප කර තිබේ. යෝජනාව ප්‍රතික්ෂේප කරමින් එම රටවල් අවධාරණය කර ඇත්තේ එය සෘජුවම වෙනිසියුලාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත්වීමක් බවයි.

Facebook
Twitter
LinkedIn