මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාළඹේ සියිටම් ආයතනයේ සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විභාග කටයුතුවලට සහභාගි නොවීමට විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍ය පීඨ ආචාර්යවරු තීරණය කර ඇතැයි වාර්තා වේ.
විදේශ වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ පෙනී සිටින විභාගවලදී පරීක්‍ෂකවරු ලෙස සහභාගි නොවීමටද ඔවුන් තීරණය කර ඇතැයි මේ අතර තවදුරටත් වාර්තා වේ.
සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රට පුරා පැවැත්වෙන විරෝධතාවල තවත් පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
7










