උතුරු කොරියාව හමුවේ ඇමෙරිකානු ස්ථාවරය වෙනසකට!

උතුරු කොරියාව හමුවේ ඇමෙරිකානු ස්ථාවරය වෙනසකට!

කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුමක් මතු කිරීමට සමත්ව තිබෙන උතුරු කොරියානු න්‍යෂ්ටික අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට  කටයුතු කළ යුතු යැයි ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ කොරියානු අර්බුදයට විසඳුම් සෙවීම සඳහා චීන ජනාධිපතිවරයාගේ මැදිහත් වීම තමන් අගය කරන බවත් ඒ පිළිබඳව තමන් විශ්වාසයකින් ද පසුවන බවයි.

මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ස්ථාවරය සිටිමින් උතුරු කොරියාව සම්බන්ධයෙන් සිටිමින් කටයුතු කළ අතර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයක් හා කාල් විල්සන් ප්‍රහාරක නෞකාවද කොරියානු අර්ධද්වීපය වෙත යොමු කිරීමට කටයුතු කර කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව ප්‍රකාශ කර සිටියේ ඕනෑම මොහොතක එල්ල වන ප්‍රහාරයකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

උතුරු කොරියාවට එරෙහිව සම්බාධක ඉදිරියේදී තව තවත් දැඩි කිරීමටත් දකුණු කොරියාව තුළ ස්ථාපනය කර ඇති මිසයිල ආරක්ෂණ පද්ධතිය හා හමුදා ක්‍රියාකාරීත්වය උත්සන්න කිරීමටත් ඇමෙරිකාව සූදානම් බව ප්‍රකාශ කර ඇති අතර ඇමෙරිකාවෙන් එල්ල වන කුමන ආකාරයේ තර්ජනයකටවත් නොබියව තම න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු හා මිසයිල පර්යේෂණ වැඩපිළිවෙල අත්හැර දැමීමට තමන් සූදානම් නැති බව උතුරු කොරියාව ප්‍රකාශයට පත් කර ඇත.

Facebook
Twitter
LinkedIn