උපාධිධාරීන් බඳවාගැනීමට ඌව පළාත් සභාව පැවැත්වූ ව්‍යවස්ථා විරෝධී තරඟ විභාගය අවලංගුකරයි

උපාධිධාරීන් බඳවාගැනීමට ඌව පළාත් සභාව පැවැත්වූ ව්‍යවස්ථා විරෝධී තරඟ විභාගය අවලංගුකරයි

ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් අතරින් ගුරු වෘත්තීය සඳහා 503න් දෙනෙකු තෝරාගැනීමේ තරඟ විභාගයක් අප්‍රේල් මස 09වන දින පත්වන ලදී. ඒ සඳාහ රැකියා විරහිත උපාධිධාරීන් 3,200කට ආසන්න ප්‍රමාණයක් මුහුණ දෙනු ලැබූ අතර රැකියා විරහිත ඌව පළාත් උපාධිධාරී සංගමය කාලයක් තිස්සේ කළ ඉල්ලීම හා අරගලවල ප්‍රතිඵලයක් ලෙස ගුරුවෘත්තියට රැකියා විරහිත උපාධීධාරීන් 503ක්ද සංවර්ධන නිලධාරීන් 172ක්ද බඳවා ගැනීමට ඌව පළාත් සභාව සැලසුම් කර ඇත.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිසම විසින් අප්‍රේල් 09වන දින පැවති තරඟ විභාගය ගුරුසේවා ව්‍යවස්ථාවටත් අදාළ ගැසට් නිවේදනයටත් පටහැනි ලෙස පැවැත්වූ බවටත් ඉදිරිපත් කළ ප්‍රශ්නපත්‍ර සැලකිය යුතු දෝස සහිතව ඉදිරිපත් කළ බවටත් ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ප්‍රධාන අනුශාසක සමන්ත විද්‍යාරත්න මහතාත් එම සංගමයත් ආණ්ඩුකාර තුමා ඇතුළු අදාල බලධාරීන්ට දිගන් දිගටම පෙන්වා දෙන ලදී.

මෙකි ගැටළුව විසඳීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් අප්‍රේල් 26 වනදි විශේෂ රැස්වීමක් පවත්වා ඇත. ඒ සඳහා ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විදයාරත්න මහතා, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සාලිය සුමේද මහතා, මන්ත්‍රී ලීලසේන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය, රාජ්‍යසේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාද ඇතුළු පිරිසක් ඊට සහභාගී වී තිබේ.

මෙම මොහොතේ විභාගයේ පැවති අක්‍රමිකතා හා ගැටළු පිළිබඳව සමන්ත විදයාරත්න මහතාත් රැකියා විරත උපාධිධාරී සංගමයේ නීයෝජිතියෝත් දිගින් දිගටම කරුණු පෙන්වා දී ඇති අතර ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයා විසින් එක් ප්‍රශ්නපත්‍රයක් ගැසට් නිවේදනයට හා ගුරු සේවා ව්‍යවස්ථාවනට පටහැනිව ඉදිරිපත් කර අති බවට පිළිගෙන ඇත.

ඉන් අනතුරුව පැවති දීර්ඝ සංවාදයකින් පසු ආණ්ඩුකාරවරයා විසින් එම තරඟ විභාගය අවලංගු කොට ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ විභාගය නොපමාව පවත්වා පත්වීම් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවට තීන්දු කර තිබේ.

Facebook
Twitter
LinkedIn