නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා ප්‍රදේශයේ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු රාජ්‍යය ආයතන දැනුම්වත් කරන අයෙකු බව පොලිසිය කියයි.
පාවට්ටාමඩුව ඇල මාර්ගයෙන් නීති විරෝධී වැලි ගොඩදැමීම හා වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා ඊයේ (27) කරුවලගස්වැව පොලීසියේ නිලධාරීන්ව දැනුම්වත් කර ඇත.
අත්අඩංගුවට ගත් වැලි ලොරියේ හිමිකරු මිය ගිය පුද්ගලයාට බැන වැදී ඇතැයිද ඔහු පසුපස ගොස් ඇතැයිද විමර්ශන වලදී හෙළී වී තිබේ.
ඉන්පසු බේරීම සදහා නිවසකට ගොස් දොරගුළු දාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළී වු බව පොලිසිය කියයි.
නිවසේ දොරගුළු විවෘත නොකිරීම නිසා දොර කඩා බලන විට එම පුද්ගලයා එහි වැටී සිටිනු අයුරු ඔහුගේ දරුවකු දැක ඇතැයි පොලිසිය කියයි.










