මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් පසු කසළ බැහැර කිරිම අත්‍යාවශය කටයුත්තක් කරමින් ජනාධිපතිරයා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අද (28) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව හදිසියේ කැඳවා ඇත.
ඕනෑම පළාත් පාලන ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය ඉවත් කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම, සකස් කිරීම, බැහැර කිරීම මෙන්ම ඊට අදාළව ගැනෙන කටයුතු අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබූ අතර එයට බාධාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එහි සඳහන් වේ.
එම ගැසට් පත්‍රය නිකුත් කර දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවින් මෙලෙස අද පාර්ලිමේන්තුව කැඳවා ඇත.
මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී මීතොටමුල්ල කුණු කන්ද නායයාම සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක්ද පැවැත්වෙන බව පැවසේ.
3










