උතුරේ සහ නැගෙනහිර හර්තාල් තවමත් ක්‍රියාත්මකයි

උතුරේ සහ නැගෙනහිර හර්තාල් තවමත් ක්‍රියාත්මකයි

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (27) පෙරවරුවේ ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ.

යුද සමයේ අතුරුදන්වූ පුද්ගලයින් සොයා දෙන ලෙස බලකිරීම සම අවතැන් වූ ජනතාවගේ මුල් ඉඩම් යළි ලබා දෙන ලෙස රජයට බලකිරීම ඇතුළු කරුණු මුල්කරගනිමින් අද පෙරවරු 6.00ට ආරම්භ වූ හර්තාල් ව්‍යාපාරය පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සංවිධානය කරන මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සහයෝගය පළ කර තිබේ.

හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමේ අරමුණින් අද රැස්වු උතුරු පළාත් සභා සැසිවාරයද කල් දැමීමට තීරණය කර ඇත.

මේ හේතුවෙන් යාපනය හා මඩකළපුව දිස්ත්‍රික්කවල බැංකු වසා දමා ඇති බවත් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවත් දෛනික කාර්යාල සේවාවන් බොහොමයක්ද අඩාල වී ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn