OICගේ පහරදීමෙන් IP රෝහලේ

OICගේ පහරදීමෙන් IP රෝහලේ

ලුණුගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිගේ පහරකෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයකු බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.

ඊයේ (26) සවස 5.30ට පමණ මෙම පහරදීම සිදුවූ බව එම පොලිස් පරීක්ෂකවරයා රෝහල් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

ඔහු පොලිස් පරීක්ෂක රාජකාරි කරන්නේද ලුණුගල පොලිසියේම වන අතර බදුල්ල පොලිස් අධිකාරී ඒ.ජී.ඩී. වීරසේකර මහතා යටතේ මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn