එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවෙන් මෙවර පළාත්සභා මැතිවරණයට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් තරඟ කරන අපේක්ෂිකාවක් වන ආරියවතී ගලප්පත්ති මහත්මියට නාමයෝජනා භාරදීට යාම සඳහා ශ්‍රීලංගමයේ බස් රථ දෙකක් ලබාදී ඇතැයි වාර්තාවේ.
සීනි කම්හල කන්තලේ යනුවෙන් සඳහන් මෙම බස් රථ දෙක කන්තලේ නගරයේ සිට සීනි කම්හල දක්වා දිනපතා දිවෙන බස්රථ දෙකක් වන අතර එම මාර්ගයට ඇත්තේ එම බස්රථ දෙක පමණක් බවද වරේතාවේ. එහි බස්රථවල අපේක්ෂිකාවගේ කටවුට්, බැනර් හා පෝස්ටර් ප්‍රදර්ෂණය කරමින් ආධාරකරුවන් රැගෙන ගොස් ඇත.
ඇය අයිස් මංජු නැමති ප්‍රකට පාතාල සාමාජිකයාගේ අනියම් බිරිඳ වන අතර දින 15කට පමණ පෙර රක්ෂිත බන්ධානාගාර ගතව සිටීමටද ඇයට සිදුව ඇත. ඒ මූල්‍ය සමාගමකින් මුදල් වංචා කිරීමේ චෝදනාවකට වරෙන්තු කාරියක් වීම සහ ඒ සඳහා අත්අඩංගුවට ගැනීමට ඇයව සොයමින් සිටියදී නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවිම සඳහා ගිය අවස්ථාවේ අධිකරණයේ රෙජිස්ටාර්වරයාට ඇතුළු සේවකයන්ට බැනවැදීම යන කාරණාදෙකටය.
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරියක්ව සිට පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවනධූරකාලය සඳහා මැතිවරණය පරවති සමයේ සන්ධානයට එක්වූ ඇය නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරියක්ද වන අතර එහි හිටපු නියෝජ්‍ය සභාපතිනියද වේ.
ආශ්රිත පුවත්
නැගෙනහිර සන්ධාන ලොක්කියක් රක්ෂිත බන්ධනාගාරයට








