පෙටර්මෑන් ග්ලැසියරයෙන් කොටසක් වෙන්වෙයි

ග්‍රීන්ලන්තයේ පෙටර්මෑන් ග්ලැසියරයෙන් විශාල කොටසක් වෙන්වී ඇතැයි, අමෙරිකානු චන්ද්‍රිකාවක් නිරීක්ෂණ කර තිබේ.

මූලික පරික්ෂණවලදි පෙනී ගොස් ඇත්තේ, වෙන්වී පාවෙන අයිස් ස්ථරයේ මතුපිට විශාලත්වය ග්‍රීන්ලන්තයේ මෑන්හැටන් ප්‍රදේශය මෙන් දෙගුණයක් පමණ වන බවයි.

2010 වසරේදී පෙටර්මෑන් ග්ලැසියරයෙන් වර්ග කිලෝ මීටර් 250ක පමණ කොටසක් වෙන් විය.

ග්ලැසියරවලින් කොටස් වෙන්වී යාම සාමාන්‍යය සංසිද්ධියක් වුවත් පෙටර්මෑන් ග්ලැසියරය තුළ මෑතකදී සිදුවූ වෙනස්කම් ඇදහිය නොහැකි මට්ටමක පවතින බව ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය වේ.

කෙසේ වෙතත් මෙතුළින් සාගර ජල මට්ටමට කිසිදු බලපෑමක් එල්ල නොවන බව විද්‍යාඥයෝ පවසති.

Facebook
Twitter
LinkedIn