ගාමිණී සමරනායකට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ගාමිණී සමරනායක මහතාට ලබන 23 වන දින අධිකරණයේ පෙනී සිටින්නැයි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අද (19) නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම නියෝගය කළේ උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය දුන් තීන්දුව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නියෝග කරන්නැයි, ඉල්ලා ගොනු කළ මෝසමක් සලකා බලමිනි.

මෙම නියෝගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට දන්වන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය අද එහි ලේඛකාධිකාරිවරයාට නියෝග කර ඇතැයිද වාර්තා වේ.

මෙහිදී රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ නෙරිල් පුල්ලේ මහතා විභාග කොමසාරිස්වරයා වෙනුවෙන් කරුණු දක්වමින් දැනුම් දී ඇත්තේ ලබන 25 වන දා නව ඉසෙඩ් අගයන් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බත්ය.

Facebook
Twitter
LinkedIn