‘එතෙර අපි‘ සංවිධානයේ කැනඩා ශාඛාවේ සමුළුව පසුගිය 27 වැනි දින එම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කැනඩාවේ ටොරෙන්ටෝ නුවරදී පවත්වා තිබේ.
මෙම අවස්ථාවට කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ක සිටි අතර එහිදී කැනඩාවේ ජීවත්වන කේමදාස ශූරින්ගේ බිරිඳ වන ලතා කේමදාස මහත්මිය, ලීනා ද සිල්වා, අජිත් ජිනදාස ඇතුළු ඇතුළු ශ්‍රී ලාංකීය පුරවැසියන් පිරිසකට සම්මාන ප්‍රධානයක් ‘එතෙර අපි‘ සංවිධානය විසින් සිදු කර තිබේ.
සංස්කෘතික අංශ රැසකින් වර්ණවත් වූ කැනඩාවේ ‘එතෙර අපි‘ සංවිධානයේ සමුළුව වර්ණවත් කිරීම සඳහා කේමදාස ශූරීන්ගේ දියණියක් වන අනූපමා කේමදාස මහත්මියද එක්වූ අතර ‘එතෙර අපි‘ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත් මහතා දේශනය පවත්වමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් එතෙර අපි සංවිධානය සිදු කරන කටයුතු පිළිබඳවත් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් දැනුවත් කර තිබේ.


















