ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් IS ත්‍රස්තයන්ට එරෙහිව සටන් කිරීම පිළිබඳව සාකච්ඡා සමුළු පවත්වද්දී රුසියාව දිනපතාම දිවා රෑ නොතකා සටනේ නිරතවෙමින් සිටින බව ක්‍රෙම්ලීනය ප්‍රකාශ කර ඇත.
රුසියානු ජනාධිපති ප්‍රකාශක දිමිත්‍රි පේසකොව් එලෙස ප්‍රකාශ කර ඇත්තේ IS ත්‍රස්තවාදය පරාජය කිරිම පිළිබඳ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 68ක විදේශ ඇමතිවරු සහ යුද්ධ ප්‍රධානීන් මෙම මාර්තු 22, 23 දිනයන් හිදී වොෂින්ටන් නුවරදී පවත්වන සමුළුවක් පිළිබඳ අදහස් දක්වමින් බව ප්‍රකාශ වී ඇත.
ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ක් ටෝර්නර් මීට ඉහතදී සඳහන් කර ඇත්තේ මෙම ජාත්‍යන්තර සමුළුවට රුසියාවට ආරාධනා කර නැති බවය. ඒ පිළිබඳව ක්‍රෙම්ලීනය අදහස් දක්වමින් පවසා ඇත්තේ, ආරාධනා නොලැබීම තමන්ට ප්‍රශ්නයක් නොවන අතර 2014 වර්ශයේ සිට පැවැත්වෙන මෙම සමුළුවලට තමන් සහභාගී වූවේ නැති අතර ඇමරිකාව ප්‍රමුඛ වූ මෙම හවුලේ තමන් සාමාජිකයෙකු නොවන බව ය.
එලෙසම පුළුල් ජාත්‍යන්තර සහයෝගයකින් තොරව මෙම IS විරෝධී සටන ජයග්‍රහණට කිරීමට නොහැකි වන බවද ඔහු අවධාරණය කර ඇත.










