මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකමින් සහ සයිටම් අර්බුදය විසඳීමට ආණ්ඩුව දක්වන මන්දගාමී ස්වභාවය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී ඊයේ (20) අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය.
ඒ සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා අතුළු පිරිසක් සහභාගී වී සිටියහ.





11










