මහනුවර බස්නායක නිලමේගේ නිවසින් ඇත්දළ එළියට

මහනුවර බස්නායක නිලමේගේ නිවසින් ඇත්දළ එළියට

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (20) සිදු කර ඇති වැටලීමකදී මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ගැමුණු වලිසුන්දර නැමැත්තාගේ නිවසේ තිබී ඇත්දළ දෙකක් සොයාගෙන තිබේ.

ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති අතර මේ පිළබඳ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා තලාතුඔය පොලිසිය ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇත.

වනජීවී නිලධාරීන් හා තලාතුඔය පොලිසිය එක්ව වැටලීම සිදුකර ඇති අතර බස්නායක නිලමේවරයා මේ වනවිට ප්‍රදේශයනේ පලාගොස් ඇතැයි පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්