මර්දනය නතර නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

මර්දනය නතර නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා

සේවකයින් මර්දනය නතර කිරීමට පාලන අධිකාරිය පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා සදහන් කර සිටියේ ඒ අනුව හෙට දහවල් 12.00ට පෙර අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවය.

වෘත්තීය ක්‍රියාමාර්ගවලට එක්වු සේවකයින් මර්දනය කිරීමට පාලන අධිකාරිය කටයුතු කිරීමට එරෙහිව මෙම පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

Facebook
Twitter
LinkedIn