SAITM සමීරට වෙඩි තැබීමේ රඟපෑම් කළ චූදිතයන් නිදැල්ලේ

SAITM සමීරට වෙඩි තැබීමේ රඟපෑම් කළ චූදිතයන් නිදැල්ලේ

සමීර සේනාරත්නට වෙඩි තැබූ බව පවසමින් පොලිසියට කර තිබෙන පැමිණිල්ල බොරු රඟපෑමක් බව ඉතා හොඳින් ඔප්පු වී තිබිය දී පොලිසිය නොමඟ යැවූ පුද්ගලයන් මේ දක්වා අත්අඩංගුවට නොගැනීම බරපතල සැකයකට තුඩු දී ඇත.

වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්‍ෂණවලදී එම ක්‍රියාව සමීර විසින් අරුණ ලක්මාල් ක්‍රිශාන්ත හා සුසිල් උදය කුමාර යන පාතාලය හා සම්බන්ධ පුද්ගලයන් යොදා සිදු කළ ව්‍යාජ රංගනයක් බව තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් සමීර සේනාරත්නගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන මුදාහරින ලදී.

ඔහු මුදාහරින ලද්දේ වෙඩි තැබූ අරුණ ලක්මාල් හා සුසිල් උදය කුමාර අත්අඩංගුවට ගැනීම සඳහා බව ප‍්‍රකාශ කර තිබිණි. නමුත් මෙම ප්‍රධාන චූදිතයන් තිදෙනාගෙන් කිසිවෙකු හෝ මේ දක්වා අත්අඩංගුවට ගත නොහැකිවීම බරපතල සැකයකට හේතු වී තිබේ.

සමීර සේනාරත්න වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීම බොරු රඟපෑමක් බව වෛද්‍ය සභාවේ ලිඛිත සාක්ෂි අනුව හෙළි වී ඇත.

මාලඹේ හොර වෛද්‍ය උපාධි කඩයක් පවත්වාගෙන යන සයිටම් ආයතනයට විරුද්ධව මතු වන මහජන පෙළගැස්ම වෙනතක හැරවීමට වෙඩි තැබීමෙනම් බොරු රඟපෑමක් කළ බව මේ වනවිට සනාථ වී අවසන් ය.

Facebook
Twitter
LinkedIn