2007 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ පාලනය යටතේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කළ ආරක්ෂක ගිවිසුම 2017 වසරේදී අහෝසි වීමට නියමිතය. ඒ වසර 10ක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය.
මෙම ගිවිසුම මගින් ඉන්දියානු සාගර ප‍්‍රදේශයට පැමිණෙන ඇමරිකානු නෞකා සහ යුද භටයින් සඳහා ආහාර, නවාතැන් ඇතුළු යුද පහසුකම් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය එකඟ වී තිබිණි. කෙසේ වෙතත් මෙම ගිවිසුම නැවත අලුත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු සකස් කරමින් ඇති බව ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට වාර්තා විය. මේ සම්බන්ධයෙන් ජවිපෙ පක්ෂ නායකයින් අතර කතා බහක් ඇතිවිය.
“මේ ආරක්ෂක ගිවිසුම කාටත් හොරෙන් තමයි අත්සන් කළේ. ගිවිසුම ලැබුණට පස්සේ අපිත් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. ඒත් ගිවිසුම ගැන රාජපක්ෂ ආණ්ඩුව ගත්ත පියවර ඒ විදියටම කරගෙන ගියා. බටහිර ගැති ආණ්ඩුවක් කියලා ඒ ආණ්ඩුවට කියපු මේ ආණ්ඩුවේ අය දැන් ගිවිසුම අලූත් කරන්න යනවා” විජිත හේරත් කීවේය.
“ඒ ආණ්ඩුවේ හිටපු අයමනේ දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නේ. ඒ නිසා ක‍්‍රියාමාර්ගවල වෙනසක් නැහැ. කොහොම වුණත් මේ ගිවිසුම ගැන නැවතත් රටේ සංවාදයක් හදන්න ඕනෑ” බිමල් රත්නායක කීවේය










