කෝප් එකේ බෙදීමක් තිබුණට කෝප් නියෝජනය බෙදීමක් වෙන්න බැහැ

කෝප් එකේ බෙදීමක් තිබුණට කෝප් නියෝජනය බෙදීමක් වෙන්න බැහැ

මාර්තු 12 ව්‍යාපාරය විසින් “කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් කළමනාකරණය පිළිබඳව මහජන නියෝජිතයින්ගේ වගවීම” මැයෙන් සම්මන්ත‍්‍රණයක් සූදානම් කළේය.

ඒ සඳහා කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ අජිත් පී. පෙරේරා ඇතුළු කථිකයින් කිහිප දෙනෙකුට ආරාධනා ලැබී තිබිණි.

“කෝප් කමිටුව නියෝජනය කරනවානම් සභාපති හැටියට මම එන්නම්. කෝප් කමිටුවේ තවත් කෙනෙක් විදියට අජිත් පී. පෙරේරා එන එකට මම එකඟ නැහැ. මොකද කෝප් කමිටුවේ බෙදීමක් තිබුණ බව ඇත්ත. නමුත් කෝප් කමිටුව නියෝජනය කරමින් එනකොට එතනත් බෙදීමක් තියෙන්නේ බැහැ. එහෙම නියෝජනය කරනවානම් දේශපාලන පක්ෂ විදියට හැමෝටම ආරාධනා කරන්න” සුනිල් හඳුන්නෙත්ති සංවිධායක මණ්ඩලයට දැන්වීය. පසුව සිදුවූ එකඟතාවය මත කෝප් කමිටුව නියෝජනය කරමින් සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති එම සම්මන්ත‍්‍රණයට සහභාගි විය.

එම සම්මන්ත‍්‍රණයට සහභාගි වූවන් අතරේ අනුර දිසානායක රාවය පුවත් පතේ 30වන සංවත්සරය දින කළ කතාව සම්බන්ධයෙන් සංවාදයක් ඇති වීමද මේ අතර විශේෂත්වයක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්