ප්‍රශ්නය විසඳීම වෙනුවට මෛත්‍රී සයිටම් සටන දියාරු කිරීමට සැරසේ!

ප්‍රශ්නය විසඳීම වෙනුවට මෛත්‍රී සයිටම් සටන දියාරු කිරීමට සැරසේ!

මාලඹේ හොර සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර දෙවැනි වරටත් පැවැත්වූ සාකච්ඡා කිසිඳු එකඟතාවයකින් තොරව අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, රජයේ වෛද්‍ය පිඨවල පීඨාධිපතිවරු, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්, වෛද්‍ය සභාවේ නියෝජිතයින්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් මෙන්ම සයිටම් නියෝජිතයින්ද සහභාගී වී තිබේ.

සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ එහි නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලට එහිදී පිළිතුරු නොලැබුණු බවත් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම වෙනුවට සාච්ඡාව නැවත වටයක් දක්වා දිර්ඝ කරමින් කල් මැරීමට එහිදී ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් අනාවරණය වේ.

සයිටම් හොර උපාධි ආයතනයට එරෙහිව මේ වනවිට සියලුම වෛද්‍ය පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් බැහැරව ඊට විරෝධය පළකරමින් සිටින අතර රටපුරා සියලුම විශ්වවිද්‍යාලවල සිසුන් මෙන්ම සමස්ත ජනතාවගේද දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මෙන්ම ජනතාවගෙන්ද ඊට සහයෝගය හිමි වේ.

Facebook
Twitter
LinkedIn