ආණ්ඩුවේ ප්‍රමුඛ කෘෂි සැලැස්ම අසාර්ථකයි

ආණ්ඩුවේ ප්‍රමුඛ කෘෂි සැලැස්ම අසාර්ථකයි

විශාල මුදලක් වැය කරමින් කාබණික පොහොර ව්‍යාප්ත කිරිමට ආණ්ඩුව උත්සාහ කලද පසුගිය වසරේදී එම පොහොර නිශ්පාදනය පහත වැටී ඇති බව වාර්තා වේ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පසුගිය 10වනදා ලබාදී තිබූ පිළිතුරකින් මේ බව හෙළි වේ.

2015 වර්ෂයේ කාබණික පොහොර නිෂ්පාදනය මේට්‍රික් ටොන් 134,804ක් වී තිබූ අතර 2016 එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70,787ක් දක්වා පහත වැටී තිබීමෙන් මේ බව තහවුරු වේ.

කාබණික පොහොර භාවිතය ඉහළ දැමීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් තිබියදී කාබණික පොහොර නිෂ්පාදනය පහත වැටී තිබීම විශේෂත්වයකි.

එසේම පසුගිය වසරේදී රසායනික පොහොර භාවිතයද මෙට්‍රික් ටොන් 512,640ක් දක්වා පහත වැටී ඇත. 2015දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 893,972ක් වී තිබිණි.

Facebook
Twitter
LinkedIn