“දැන් උදඝෝෂණ වැඩියි. ශිෂ්‍යයෝ මහ පාරේ. මොකටද සයිටම් එපා කියලා. අපි වෙනුවෙන් ඕගොල්ලො වෙනුවෙන්. රුපියල් ලක්ෂ 125ක් විතර යනවා සයිටම් එකෙන් දොස්තර කෙනෙක් හදන්න. අපිට තියෙනවැයි එච්චර සල්ලි නේද? ඒ නිසා අපේ දරුවන්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව රැකගන්න ශිෂ්‍යයෝ පාරට බැහැලා තියෙනවා සයිටම් එපා කියලා. වෛද්‍යවරුත් මහ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා සයිටම් එපා කියලා. මොකද හොඳ සෞඛ්‍ය සේවයක් තියාගන්න ඕනා අරකේ ඉන්නේ හොර දොස්තරලා. ඒකේ ප්‍රමිතිය නැති නිසා. ඒ අස්සේ ධීවර ජනතාව මහ පාරට බහිනවා අයිතිවාසිකම් ඉල්ලලා. අනෙක් පැත්තෙන් ගොවි ජනතාව පාරට බැහැලා ඉන්නවා වගා පාලුයි වන්දියක් ඉල්ලලා. ආණ්ඩුව බැලුව මේක හරියන්නේ නැහැ උද්ඝෝෂණ වැඩියි. දැන් අලුතෙන් නීතියක් ගේන්න හදනවා උද්ඝෝෂණ සීමා කරන්න. දැන් උද්ඝෝෂණය කිරීමේ අයිතිය දීපල්ලා කියල තව උද්ඝෝෂණයක් කරන්න වෙලා තියෙනවා. ආණ්ඩුව මොකක්ද මේ දැන් කරන්න යන්නේ? උද්ඝෝෂණ එකක් මදිවට තව එකක් වැඩි කරගන්න යන්නේ. ඕකෙන් උද්ඝෝෂණ අඩු කරන්න බැහැ. ආණ්ඩුව නිකන් විකාර කතා කියනවා. අපි කියනවා රනිල් – මෛත්‍රී ආණ්ඩුවට උද්ඝෝෂණ නවත්වන්න ඕන්නම් එක විසඳුමයි තියෙන්නේ. මේක සරලයි. අමාරු නැහැ. ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. සයිටම් වැහුවනම් ශිෂ්‍යයෝ එන්නෙත් නැහැ, වෛද්‍යවරු එන්නෙත් නැහැ, අපි බහින්නෙත් නැහැ මහ පාරට. එතකොට උද්ඝෝෂණ ඉවරයි. ඉතින් ඒක වහන්නේ නැතුව හොර දොස්තරලා කිහිප දෙනෙක් වෙනුවෙන් මේ උද්ඝෝෂණ පවත්වන අයට එරෙහිව සීමා දාන්න හදනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (12) පැවති හම්බන්තොට දිස්ත්‍රික් ධීවර සමුළුවේදී පැවසීය.
වත්මන් රනිල් – මෛත්‍රී ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට පිළිතුරු නොදී විරෝධතා මර්ධනය කිරීමට නව අනපනත් ගෙන ඒමට ප්‍රයන්ත දැරීම සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා…
“දැන් මේ ලංකාව දුප්පත් රටක් කියල කියනවානේ. ඇත්ත ගත්තොත් අපේ රට කොහොම රටක්ද? දුප්පතුන් සිටින පොහොසත් රටක්. රට පොහොසත්. හැබැයි මිණිස්සු දුප්පත්. අපේ මේ රටේ ස්වාභාවික සම්පතෙන් වැඩගන්න සමත් ආණ්ඩුවක් තවම අපිට ආවේ නැහැ. අපේ බොටුව මිරිකන, අපේ තුට්ටුදෙක හූරංකන, අපේ සාක්කුවට ගහන ආණ්ඩු මිසක් මේ ස්වාභාවික සම්පත හඳුනගෙන ඒක ආදායම් බවට, වත්කම් බවට හරවන්න සමත් ආණ්ඩුවක් අපිට හම්බවෙලා නැහැ. ඒක නිසා එක පැත්තකින් ගත්තොත් රටේ සම්පත් තියෙනවා ජනතාව දුප්පත් කමේ ඉන්නවා. රටේ සම්පත් තියෙනවා රට ණය වෙලා තියෙනවා. ඒ ණය ගෙවන බරත් දැන් වැටිල තියෙනවා අපි මත.
අපේ ජනතාව ඉතා දුෂ්කර තාවයන් මැද්දේ ජීවත් වෙන්නේ. අපි දූපතක් නිසා ධීවර කර්මාන්තයට මේ රට ගොඩගන්න පුළුවන් හරියට කරගත්තොත්. හැබැයි ඒක කරලා නැහැ හරියට. ඒක නිසා අපි රට වටේ මහ මුහුද තියාගෙන කෝටි ගනන් ඩොලර් දීලා පිටින් මාළු ගේනවනම් මේක රටක් වෙන්නේ නැහැ. දැන් අපිට ඕන මොකක්ද? එක පැත්තකින් අපිට තියෙනවා ධීවර අයිතිය දිනාගැනීම වෙනුවෙන් සටනක්. අනික් පැත්තෙන් ගත්තාම මේ පාලන ක්‍රමය වෙනස් කිරීමේ අරගලයක් අපිට තියෙනවා. ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියන්නේ මේ අපි ඉස්සරහ තියෙන අභියෝගයේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනාකම තියෙනවා.
එක පැත්තකින් අපිට තියෙනවා අපිට දඩ ගහනවනම්. අපේ උපකරණටික දෙන්නෙ නැත්නම්, අපේ කර්මාන්තයේ ප්‍රශ්නවලට උාණ්ඩුව උත්තරයක් දෙන්නේ නැත්නම්, අපිට වගකීමක් තියෙනවා, අයිතියක් තියෙනවා මහ පාරට බැහැලා උද්ඝෝෂණ කරලා, අරගල කරලා මේ අයිතිය දිනා ගන්න. ඒ නිසා ධීවර ජනතාව සූදානම් වෙන්න ඕනා මහ පාරේ අරගලයක් තියෙනවා ඒ අරගලය කරලා අයිතිවාසිකම් දිනා ගන්න. දැන් ඒකටත් කණ කොකා හඬණ්න පටන් අරගෙන තියෙන්නේ. මේ දවස්වල මහ පාරේ අරගල වැඩියිනේ. මේ ආණ්ඩුව අයාලේ යන්නේ. යන්නේ කොහෙද දන්නේ නැහැ. යන්නේ කොහොද මල්ලේ පොල්. කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ. අන්දයා සහ කොරා වගේ. එක්කෙනෙකුට ඇහැ පේන්නේ නැහැ. අනික් එක්කෙනාට පයින් යන්න බැහැ. අන්ධයගෙ පිටේ කොරා නැගලා ඔහේ යනවා. ඒ නිසා ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න වැඩිවුනාට පස්සේ උත්තර නැතිවුනාම ඒක කියන්න මිණිස්සු පාරට බහිනවා. කිව්වට අහන ඇමති කෙනෙක් නැහැ. හිටයත් ඇමතිට තේරෙන්නේ නැහැ. අගමැති කෙනෙක් නැහැ කිව්වට තේරෙන. ජනාධිපති කෙනෙක් නැහැ කිව්වම තේරෙන. පාලනයක් නැහැ වගේ. ඒක නිසා ජනතාව ඇහෙන්න කියන්න බහිනවා පාරට.
දැන් උදඝෝෂණ වැඩියි. ශිෂ්‍යයෝ මහ පාරේ. මොකටද සයිටම් එපා කියලා. අපි වෙනුවෙන් ඕගොල්ලො වෙනුවෙන්. රුපියල් ලක්ෂ 125ක් විතර යනවා සයිටම් එකෙන් දොස්තර කෙනෙක් හදන්න. අපිට තියෙනවැයි එච්චර සල්ලි නේද? ඒ නිසා අපේ දරුවන්ට ඉගෙනගන්න තියෙන අවස්ථාව රැකගන්න ශිෂ්‍යයෝ පාරට බැහැලා තියෙනවා සයිටම් එපා කියලා. වෛද්‍යවරුත් මහ පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා සයිටම් එපා කියලා. මොකද හොඳ සෞඛ්‍ය සේවයක් තියාගන්න ඕනා. අරකේ ඉන්නේ හොර දොස්තරලා. ඒකේ ප්‍රමිතිය නැති නිසා. ඒ අස්සේ ධීවර ජනතාව මහ පාරට බහිනවා අයිතිවාසිකම් ඉල්ලලා. අනෙක් පැත්තෙන් ගොවි ජනතාව පාරට බැහැලා ඉන්නවා වගා පාලුයි වන්දියක් ඉල්ලලා. රටේ ජනතාව විවිධ වර්ගයේ අය මහ පාරේ උද්ඝෝෂණ කරනවා කොළඹට ඇවිල්ලා කියනවා. ආණ්ඩුව බැලුව මේක හරියන්නේ නැහැ උද්ඝෝෂණ වැඩියි. දැන් අලුතෙන් නීතියක් ගේන්න හදනවා උද්ඝෝෂණ සීමා කරන්න. මොකද ආණ්ඩුව හදනවා අතීසාරෙට අමුඩ ගහන්න. අතීසාරේ හැදුනම බෙහෙතක් දෙන්න එපැයි. බෙහෙත දෙන්නෙ නැහැ අමුඩයක් ගහලා බලනවා මේක නවත්වන්න පුළුවන්ද කියලා. හැබැයි හරියන්නේ නැහැ. දැන් මේ උද්ඝෝෂණ සීමා කරන නීති ගෙන්න කලින් ආණ්ඩුව අපිට ක්‍රමයක් හදන්න යනවා කොළඹ උද්ඝෝෂණ කරන්න පුළුවන් දවසකට එකයි කියලා. පුදුම වැඩක් මේක. උද්ඝෝෂණ කරන්න පුළුවන්ද ටෙලිනාට්‍ය පෙන්නනවා වගේ. ටෙලිනාට්‍යනම් පුළුවන් සතියට එක දවසක් දාලා පෙන්වන්න. හැබැයි උද්ඝෝෂණ එහෙම පුළුවන්ද? බැහැ. අපිට ප්‍රශ්නයක් ආවම අපි පාරට බහිනවා, උද්ඝෝෂණ කරනවා. සමහරවිට ඔය ඉරිදවගේ දවසක් දෙයි. ඒ නිසා අපිට දැන් අළුතෙන් උද්ඝෝෂණයක් එනවා.
දැන් අධ්‍යාපනය වෙනුවෙන් උද්ඝෝෂණයක් තියෙනවා. ගොවියන්ට උද්ඝෝෂණයක් තියෙනවා. ධීවරයන්ට උද්ඝෝෂණයක් තියෙනවා. රජයේ සේවකයන්ට උද්ඝෝෂණයක් තියෙනවා. ඉඩම් විකුණනවට එරෙහිව උද්ඝෝෂණයක් තියෙනවා. වරාය විකුණන්න එපා කියලා උද්ඝෝෂණයක් තියෙනවා. ඒ උද්ඝෝෂණයට අමතරව දැන් තවත් උද්ඝෝෂණයක් තියෙනවා. ඒක තමයි උද්ඝෝෂණය කිරීමේ අයිතිය දීපල්ලා කියල උද්ඝෝෂණයක් තියෙනවා. ආණ්ඩුව මොකක්ද මේ දැන් කරන්න යන්නේ? එකක් මදිවට තව එකක් වැඩි කරගන්න යන්නේ. ඕකෙන් උද්ඝෝෂණ අඩු කරන්න බැහැ. ආණ්ඩුව නිකන් විකාර කතා කියනවා.
අපි කියනවා රනිල් – මෛත්‍රී ආණ්ඩුවට උද්ඝෝෂණ නවත්වන්න ඕන්නම් එක් විසඳුමයි තියෙන්නේ. මේක සරලයි. අමාරු නැහැ. ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. සයිටම් වැහුවනම් ශිෂ්‍යයෝ එන්නෙත් නැහැ, වෛද්‍යවරු එන්නෙත් නැහැ, අපි බහින්නෙත් නැහැ මහ පාරට. එතකොට උද්ඝෝෂණ ඉවරයි. ඉතින් ඒක වහන්නේ නැතුව හොර දොස්තරලා කිහිප දෙනෙක් වෙනුවෙන් මේ උද්ඝෝෂණ පවත්වන අයට එරෙහිව සීමා දාන්න හදනවා.
ගොවියෝ ඉල්ලන වන්දි මුදල දුන්නම් උද්ඝෝෂණ නතර වෙනවා. ධීවර ජනතාව අයිතිවාසිකම් ඉල්ලනවා ඒකට උත්තරයක් දුන්නනම් උද්ඝෝෂණ නතර වෙනවා. ඒක නිසා ආණ්ඩුවට උද්ඝෝෂණ නතර කරන්න ඕනනම් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනා. එහෙම නැතුව උද්ඝෝෂණ බලහත්කාරයෙන් නවත්වන්න එනවනම් උද්ඝෝෂණය දිනාගැනීමෙ අයිතිය වෙනුවෙන් මහා උද්ඝෝෂණයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. නැත්නම් ඕකත් එක්ක අවුරුදු 05 පිරෙන්නත් කලින් ගෙදර යන්න වෙන්න පුළුවන් ආණ්ඩුවට. ඒක නිසා ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.
ජනතාව කතිර ගහලා ආණ්ඩුවක් හැදුවේ විකාර කරන්න නෙවෙයි. විහිළු කරන්න නෙවෙයි. ජනතාවගේ බදු මුදල් අරගෙන හොරකම් කරන්න නෙවෙයි. ජනතාවගේ බදු මුදල් අරගෙන වාහන ගෙන්නගන්න නෙවෙයි. දැනුත් කෝටි 54ක් විතර වෙන් කරගෙන තියෙන්නේ ඇමතිවරුන්ට වාහන ගෙන්න. හැම අවුරුද්දෙම ඇමතිවරුන්ට වාහන ඕනා. එමෙ සල්ලි වෙන්කරගෙන කෝටි ගණන්වලින් සල්ලි නාස්ති කරනවා. එහෙම සල්ලි නාස්ති කරන්න ජනතාව ආණ්ඩු හදලා නැහැ. එහෙම නාස්ති කරන්න සල්ලි තියෙනවනම් ඇයි ජනතා ප්‍රශ්නවලට උත්තර හොයන්න සල්ලි වැය කරන්න බැරි. ඒ නිසා අපි අනිවර්යයෙන්ම මේ සටන කළ යුතුව තියෙනවා”




























