මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ කැඳවා තිබූ සාකච්ඡාව අවලංගු කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගය, වෛද්‍ය පිඨ ආචාර්යවරුන්ගේ සංගමය, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව හදිසියේ අවලංගු කිරීමට සිදු වූ බවට අද පස්වරුවේ දැනුම්දීමක් කළ බව ඒකාබද්ධ වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය එන්.සී විරසිංහ මහතා සඳහන් කරයි.
3









