SAITM වසා දැමීමේ තීණ්දුව නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග…

SAITM වසා දැමීමේ තීණ්දුව නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග…

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අද (13) ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සයිටම් ආයතනය වසා දැමීමේ තීන්දුව නොගත්තොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළෙඹෙන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස රජයට පවරා ගැනීම, අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස සයිටම් ආයතනය පවත්වාගෙන යාම ආදී භාග විසඳුම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පිළි නොගන්නා බවත් එහි කැඳවුම්කරු සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලෙකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

කොළඹ ජනපති නිල නිවසේ දී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඒ සඳහා සියලු වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමත බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn