හම්බන්තොට වරාය විකිණිමට සූදානම් – වරාය සේවක විරෝධතා සූදානම්

හම්බන්තොට වරාය විකිණිමට සූදානම් – වරාය සේවක විරෝධතා සූදානම්

ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට අයත් හම්න්තොට වරාය චීනයේ CM Port සමාගමට විකිණීමට අදාල ගිවිසුම හා අදාල කැබිනට් පත‍්‍රිකාව මේ මස 14 වැනිදා අමත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ඇමතිවරයා තීරණය කර ඇති අතර ඊට එරෙහිව ලබන 13වනදා දහවල් 12.00ට කොටුව ඛාන් ඔරලෝසු කණුව අසලදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණේ චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ විදේශ විනිමය අවශ්‍යතාවය වෙනුවෙන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරියට ක‍්‍රියාත්මක කල හැකි හම්බන්තොට වරාය කඩිමුඩියේ විකුණා දැමිමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව මේ වනවිට සිදුකරමින් සිටින බවත් වරාය අධිකාරිය සතු වරායන්, ඡැටි පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව වරායේ වෘත්තීය සමිති විසින් පසුගිය කාලය තුළ විවිධ වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග ගණනාවක් ගත් බවත් ඒ මහතා සිහිපත් කරයි.

නමුත් ආණ්ඩුවේ විකිණීමේ ක‍්‍රියාමාර්ග මේ දක්වා ආපසු හැරවීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටුයතු කිරීමෙන් පැහැදිලි වී ඇති බවත් චන්ද්‍රසිරි මහගමගේ මහතා අවධාරණය කරයි.

වරායේ පවත්නා වෘත්තීය සමිති වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය හා කාර්මික පරිපාලක සංගමය යන වෘත්තීය සමිති ගණනාවක් වරාය රැක ගැනීමේ වෘත්තීය සමිති පෙරමුණ සමග එකතු වී මෙය පරාජය කිරීම සඳහා සුදානමින් කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

Facebook
Twitter
LinkedIn