ජනතා ප්‍රශ්න දිනෙන් දින උග්‍රවෙමින් අර්බුද හටගනිමින් පතින අතර ඉට නිසි විසඳුම් නොලැබීම මත ජනතාව දිනෙන් දින විරෝධතා ක්‍රියාමාර්ග අනුගමණය කිරීමට පටන් ගෙන තිබේ. විශේෂයෙන් වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු පිරිස් දිනෙන් දින කොළඹ නගරයේදීද ජනතා ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා වීදි බැසීම දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
ජනතාව විරෝධතා දක්වන කාරණා සම්බන්ධයෙන් සැලකිළිමත් වී ඊට විසඳුම් ලබාදෙනවා වෙනුවට කොළඹ නගරයේ දිනපතාම පැවැත්වෙන විරෝධතා හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයට හා ආර්ථිකයට බලපෑම් එල්ල වෙන්නේ යැයි පවසමින් එම විරෝධතා පැවැත්වීමට නොහැකි බව සේ නීති ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වෙමින් තිබේ.
එම නීති සම්පාදනය වන තෙක් කොළඹ නගරයේ පැවැත්වෙන මෙම විරෝධතා සතියකට එකක් පමණක් පැවැත්වීමට හැකිවන ආකාරයේ ක්‍රමවේදයක් සැකසීමට ආණ්ඩුව මේ වනිට අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවී මේ කරුණු පිළිබඳ කළ සාකච්ඡාවෙන් පසු මෙලෙස වෙනම නීති ගෙනඒමට තීරණය කර ඇතැයිද පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ විරෝධතාවලට තහනම් පැනවීමට අදාළ නව නීති ගෙනඒමට කාලය කැප කරන ආණ්ඩුව කොළඹ නගරයේ හා රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා පවත්වන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු ජනතාවගේ ඉල්ලීම දෙස සාධාරණ ලෙස බලා ඔවුනගේ ගැටළු විසඳීමට කටයුතු කිරීම රටේ අනාගතයට ඉතා යහපත් වනු ඇති බවයි.









