මහේස්ත්‍රාත්වරියට අපහාස කළ විමල්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

Image result for arrestedවිමල් වීරවංස මහතා රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අපහාස කරමින් අධිකරණය තුළ කෑකෝගසමින් හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 07වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු මහේස්ත්‍රාත්වරිය දෙසට ඇඟිල්ල දිගු කරමින්, උස් හඬින් කථාකර තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති අතර එහිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. 

එම පුද්ගලයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්