හම්බන්තොට වරාය විකුණා දැමීමට ගත් තීරණයට විරෝධය ප්‍රකාශ කරමින් හා එය නවතා දමන ලෙස ඉල්ලමින සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය ජනවාරි 02 වැනිදා සිට ආරම්භ කර ඇති විරෝධතා සතියට (කළු සතියට) සමගාමීව අද (06) කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම විරෝධතා සතියට සමගාමීව කොළඹ වරායට අමතරව සෑම වරායක් තුළම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ආයතනවල හා වාහනවල කළුකොඩි ඔසවා තැබීමටත් කළුපටි පැලඳ රාජකාරි කටයුතු කිරීමටත් කටයුතු කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කරයි.



5









