මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ මව සහ ඥාති සහෝදරයෙකු අද (06) හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ කිරීමේදී එම කාන්තාව මරණ දණ්ඩණය නියමව සිටින වෙලේ සුදා ගේ මව වන ආර්. මාලිනී බව අනාවරණය වී ඇත.
සැකකාරිය සහ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණය හමුවේ වරදකරු වූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට පසුගිය වසරේ මරණ දඬුවම නියමවිය.
0









