පැල්මයිරා මුදාගැනීමට ඉවහල් වූ රුසියානු හමුදාවේ දායකත්වය

පැල්මයිරා මුදාගැනීමට ඉවහල් වූ රුසියානු හමුදාවේ දායකත්වය

Image result for පැල්මයිරා නුවරසිරියාවේ ලෝක උරුම නගරයක් වන පැල්මයිරා නගරය දෙවන වරටත් අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් රුසියානු ගුවන් හමුදාවගේ හා විශේෂ පාබල හමුදා ඛණ්ඩ සුවිශාල කාර්යභාරයක් ඉටුකළ බවට සිරියාවේ සිටින රුසියානු හමුදාවල අණදෙන නිලධාරී කර්නල් ජෙනරාල් ඇන්ඩ්‍රෙ කැටපොලොව් ප්‍රකාශ කර තිබේ.

පැල්මයිරා නගරය මුදා ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අණදෙන නිලධාරි ඇන්ඩ්‍රෙ කැටපොලොව් ප්‍රකාශ කර ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට නැවතත් සංවිධානය වීමට අවකාශන නොලැබෙන ලෙසට රුසියානු ගුවන් හමුදා ප්‍රහාරයන් ඉලක්ක වෙත එල්ල කළ බවත් ඒ හේතුවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන්ට දැවැන්ත හානියක් සිදු වූ බවයි. රුසියානු විශේෂ පාබල හමුදා කණ්ඩායම් ඉතා සුපරික්ෂාකාරීව සැලසුම් සහගතව මෙහෙයුම් සිදු කරනු ලැබූ බවයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් පැල්මයිරා නගරය අත්පත් කර ගත් පළමු අවස්ථාවේදීම එහි පිහිටි ලෝක උරුමයන් මෙන්ම පෞරාණික ඉදිකිරීම්  සියල්ල විනාශ කරනු ලැබූ  අතර මැදපෙරදිග ශිෂ්ඨාචාරය පිළිබඳ වැදගත් තොරතුරු ඇතුළත් කෞතුකාගාරයද අයි.එස්. ත්‍රස්තවාදීන් විනාශ කර දැමීය. රුසියානු අණදෙන නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ පැල්මයිරා නගරය මුදා ගැනීමේ මෙහෙයුමේදී සිරියානු රජයේ හමුදාව ඉටුකළ කාර්යභාරයද සුවිශාල එකක් වූ බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්