පැවති මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම වර්තමාන මෛත්‍රී – රනිල් ආණ්ඩුවද විදුහල්පත්වරුන්ට හමුදා පුහුණව ලබාදීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව දකුණු පළාතේ පාසල් විදුහල්පතිවරුන්ට මේ මස 22ක සිට මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය ආණ්ඩුව විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබාදී කර්නල් තනතුරු පවා ලබාදීමට කටයුතු කළ අතර පාසල් තුළ හමුදාමය පරිපාලනයක් ගෙනයාමට විරෝධපල කරමින් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂය ඊට දැඩි ලෙස විරෝධය දැක් වීය.
කෙසේ නමුත් එදා වික්පක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය අද වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල් කරුවෙකු වන අතර රටේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේද ඔවුන්ය.
විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට එදා විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු අද අධ්‍යාපන ඇමතිවරයා ලෙස නැවතත් විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට සැලසුමක් කර තිබීමෙන් පෙන්නුම් කරන්නේ වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවද පැවති මහින්ද රාජපක්ෂ පාලනය ගමන් ගත් අඩි පාරේම ගමන් ගනිමින් සිටින බවය.









