වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතව ඇතත් ඔවුන් මෙරට තරුණ තරුණියන් ඉල්කකර ලබා දුන් මැතිවරණ පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධතා මාසයක් නම් කර ඇතැයි එහි ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.
“යහ පාලනයට වසර දෙකයි! තරුණයන්ට දුන් පොරොන්දු ඉටු කරණු” මැයෙන් එම විරෝධතා අද (05) සිට පැවැත්වෙන බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව අද පසුවරු 01.00ට තංගල්ල, වීරකැටිය මංසන්ධියේදී මෙම විරෝධතාවය පැවැත්වේ.
මේ දිනවල සමාජවාදී තරුණ සංගමයේ ආසන බලමණ්ල පිහුටුවීමේ කටයුතු ද ආරම්භ කර තිබෙන බවත් ඒ අනුව ආසන මට්ටමින් තරුණ නායක මණ්ඩලය පත්කරමින් යන බවත් ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
4









